Sinhalese

0 Likes     0 Followers     1 Subscribers

Sign up / Log in to like, follow, recommend and subscribe!

Recommendations


Episodes

Date Title & Description Contributors
2025-03-31

  බැක්ටීරියා අවදානමක් හේතුවෙන් සුපිරි වෙළඳසැල් වලින් සලාද නිෂ්පාදන ඉවත් කෙරේ

සුපිරි වෙළඳසැල් දාම පහක් ඔවුන්ගේ රාක්කවලින් සලාද නිෂ්පාදන දුසිම් ගනනක් ඉවත් කර ඇති අතර, පාරිභෝගිකයින්ට ඇති විය හැකි සෞඛය අවදානමක් පිළිබදවද මෙහිදී අනතුරු අඟවනවා. සුපිරි වෙළඳසැල් දාමයක් වන Coles විසින් බැක්ටීරියා පැතිරීම පිළිබඳ ගැටළු මත ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශ පුරා ඔවුන්ගේ අලෙවිසල් වල රාක්ක වලින් සලාද නිෂ්පාදන ඉවත් කර තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම කෙටි...
2025-03-31

  ඉදිරි මැතිවරණය සඳහා වන රනිල්ගේ දේශපාලන මණ්ඩල සකච්චාවට මෛත්‍රී සහභාගී වෙයි: ශ්‍රී ලංකා දේශපාලනය

SBS සිංහල සේවය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති වාර්තාකරු, මාධ්‍යවේදී මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟින් ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න. සජීව වැඩසටහනේ ප්‍රචාරය නොවූ අමතර කරුණු මෙම පොඩ්කාස්ට් එකට එක්කොට ඇති බව කරුණාවෙන් සලකන්න.
2025-03-31

  SBS සිංහල Newsflash මාර්තු 31: Baby Boomers අභිබවා Z පරම්පරාව මෙවර ජන්ද ප්‍රකාශනයේදී ඉදිරියෙන්

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, SBS සිංහල Newsflash සඳහා සවන්දෙන්න
2025-03-31

  වැඩිහිටියෙකු වන ඔබටත් autism තිබේදැයි දැනගන්න වැදගත් වෙන තොරතුරු මෙන්න

අප්‍රේල් මාසයට යෙදෙන World Autism Awareness Month හෙවත් "ලෝක ඔටිසම් තත්වය පිළිබඳව දැනුවත් කිරීමේ මාසයට" සමගාමීව වැඩිහිටියන් තුළ තිබෙන autism තත්වයන් හඳුනාගන්නේ කෙසේද සහ ඒ සඳහා ඕස්ට්‍රේලියාවේදී ලබාගත හැකි සහායන් පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න.
2025-03-31

  ලේබර් පක්ෂයට බහුතර රජයක් සඳහා අවශ්‍ය තව එක් ආසනයක් පමණක් බව YouGov විමසුම හෙළිකරයි: කාලීන විග්‍රහය

මැයි 3 වන දින මහා මැතිවරණයේ දී බහුතර රජයක් පිහිටුවීමට ලේබර් පක්ෂයට ඇත්තේ එක් ආසනයක් දිනාගැනීම පමණක් බව නව මත විමසුම්වලින් පෙන්නුම් කර තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්.
2025-03-30

  ඉන්දීය ලේඛිකා Kiran Desai ගේ The Inheritance of Loss 'අසුර භූමිය' බවට පෙරලූ මෙල්බර්න් හි සිංහල ලේඛිකාව

The Man Booker සම්මානයට පත්‍ර වුනු ඉන්දීය ලේඛිකා Kiran Desai ගේ The Inheritance of Loss නම් වන සම්මානිත කෘතිය 'අසුර භූමිය' ලෙසින් සිංහල භාෂාවට පරිවර්තනය කල මෙල්බර්න් හි ලේඛිකාව ස්වර්ණකාන්ති රාජපක්ෂ සමඟින් සිදුකල සාකච්චාව මෙවර SBS සිංහල ගුවන්විදුලියේ "විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්" මාසික ගුවන් විදුලි සාහිත්‍ය රසවිඳුම තුලින්.
2025-03-29

  'ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කිසි කෙනෙකුට මගේ විශේෂ සැලකිල්ලක් නැහැ' පුහුණුකරු ජයසූරිය කියයි: ක්‍රී

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න
2025-03-29

  යේමන ප්‍රහාර සැලසුම් ගැන Signal App හි සිදුවුනු ඇමරිකානු බුද්ධි තොරතොරු සාකච්චා ගැන ට්‍රම්ප් කතාකර

මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
2025-03-28

  'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන මේ සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මාර්තු 24 - 28

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණ දිනය නිල වශයෙන් නිවේදනය කිරීම, ලිබරල් සන්ධාන රජයක් යටතේ ඕස්ට්‍රේලියානුවන්ට බදු සහන හිමි නොවන බවට සඳහන් වීම මෙන්ම ඕස්ට්‍රේලියාවේ ඡන්ද හිමි නාමලේඛනය සඳහා තම දත්ත ඇතුලත් කිරීමේ හැකියාව අප්‍රේල් 7 වනදායින් අවසන් වීම වැනි පුවත් සමග ගතවුනු මාර්තු 24 සිට 28දා දක්වා වන මේ සතියේ විශේෂිත ඕස්ට්‍රේලියානු පුවත් ප්‍රකාශය.
2025-03-28

  ඇමරිකානු තානාපතිනී ජූලි චංග් සිරිකොතේදී එක්සත් ජාතික පක්ෂ නායකයෝ හමුවෙයි: මවුබිමෙන් පුවත්

අද - මාර්තු මස 28 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි